සීතාවක ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඇතුලු 5ක් මෛත්‍රීට

Published in පුවත්
Wednesday, 24 December 2014 20:51

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු 5දෙනෙකු අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කර තිබේ.

ඔවුන්ද මාධ්‍ය හමුකට එක්වෙමින් මේ බව සඳහන් කළ අතර ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආනන්ද රූපසිංහ, මන්ත්‍රීවරුන් වන පූජ්‍ය දුම්කොළහේනේ රතනරංසි හිමි, චන්දන බාලසූරිය, යසිරු රාජපක්ෂ, ගයාන් දුමින්ද යන අය මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයවීමට තීරණය කර තිබේ.


එමෙන්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එක්වන බව මාධ්‍ය වෙත ප‍්‍රකාශ කිරීම සඳහා කොළඹ පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමට පැමිණි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සන්ධාන මන්තී‍්‍රවරයෙකු සිය තීරණය හදිසියේ වෙනස් කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විය.එම නාගරික මන්තී‍්‍ර සාවිත‍්‍ර රමාල් ද සිල්වා මහතා ජනාධිපතිවරයාටම සහාය පල කරන බව පොදු අපේක්ෂක කාර්යාලයේ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කිරීමත් සමගයි මෙම තත්වය ඇති විය.

මේ සම්බන්ධයෙන් අප එජාප මන්ත්‍රීවරයකුගෙන් කළ විමසිමේදී ඔහු පැවැසුවේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බව පවසමින් පැමිණ හදිස්සියේම අදහස වෙනස් කර ගැනීම මානසික රෝගී තත්වය්ක් මිස වෙනකක් නොවන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us