අගමැතිගේ ලේකම් මෛත්‍රීට එක්වෙයි

Published in පුවත්
Wednesday, 24 December 2014 16:06

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් පී.ඩී නුගලියද්ද මහතා අද (24) එජාප පාර්ලිමේන්තු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මහනුවර නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉදිරි ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව පැවසීය.

සිය තීරණය ගැන ඔහු මාධ්‍ය හමුවේදී මෙසේද කියා සිටියේය.

තමන් 2009 සිට මේ දක්වා අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ බවත්, 2013 පළාත් සභා මැතිවරණයේදී වැඩි මනාප ගත් කෙනාට මහඇමතිකම දෙන බව ජනපති කිවුවත්, වැඩිම මනාපගත් අගමැතිතුමාගේ පුතාට මහඇමතිකම තියා ඇමති තනතුරක්වත් නොලැබුණු බවත්, හෙතෙම පැවසීය.

මේනිසා එය කතාවට පමණක් සීමා වූ බවද, ක්‍රියාවෙන් සිදුනොවූ බවද, ඔහු පෙන්වාදුන්නේය.

මධ්‍යමට, හම්බන්තොටට එක නීතියක් බවත්, කතානායකගේ පුතාට මහඇමතිකම දෙන්න පුළුවන් නම් අගමැතිතුමාගේ පුතාට දෙන්න බැරි ඇයි? යන ප්‍රශ්නය මතුවන බවත්, රටේ දෙවැනි පුරවැසියා ලෙසට අගමැතිතුමාට කළ නොහැකි දේ හම්බන්තොට මන්ත්‍රීවරයෙකුට කළ හැකි බවත්, හෙතෙම කියා සිටියේය.

අද සන්ධානය කල්ලි ගැහිලා සිටින බවත්, එජාපයෙන් ගිය අයත් දැන් හිතෙන් දුක් විඳින බවත්, ඔවුන් දැන් වෑංජනයකට දාන කරපිංචා රම්පේ වගේ බවත්, ඔහු පැවසීය.

අද කැපුවත් නිල් කියන පිරිසක් තමන් සමග පැමිණි බවත්, ගම්පොළ ආසනය මෛත්‍රිපාල මහතාගේ ජයග්‍රහණයට මෙහෙවන බවත්, ඊයේ ජනපති කාර්යාලයෙන්, අගමැතිගෙන් යන්න එපා යැයි බලපෑම් පැමිණි බවත්, හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

-adaderana

Last modified on Wednesday, 24 December 2014 16:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us