ඊට ප‍්‍රතිචාර ලෙස මෙරට අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 66 දෙනෙකු ද ශ‍්‍රී ලංකාව විසින් මුදාහැර අැත. පසුගියදා නිමාවට පත්වූ සාක් රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දු ලංකා රාජ්‍ය නායකයන් අතර පැවති සාකච්ජා වලදී මතුවූ එකගතාවයකට අනුව මෙම ධීවරයන් මුදා හැරීම සිදු කර ඇත.
මේ සමගම දෙරටේ අත්අඩංගුවේ රඳවා තිබූ ඉන්දීය ධීවර යාත‍්‍රා රැසක් ද මුදා හැරීමට තීරණය වුණි. පසුගියදා තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් මහතා ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව ලාංකික ධීවරයින් තිස් දෙනෙකු මුදා හැරීමට එකග වුයේය. ඊට ප‍්‍රතිචාර ලෙස ඉන්දීය ධීවරයන් කණ්ඩායමක් මුදා හැරීමට පියවර ගත් බව වැඩබලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ප‍්‍රකාශ කළේය.