මුලින්ම ගල් ගැහුවේ විමල්ගේ මැරයන් පොලීසිය කියයි

Published in පුවත්
Wednesday, 24 December 2014 13:52

එක්සත් අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් 1500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙද්දී පිටතින් පැමිණි ‍250ක පමණ පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

එම ප්‍රහාරයත් සමග සිරිකොතින් ද පෙරළා ප්‍රහාරයක් එල්ල වී ඇති බවද පවසන පොලිස් මාධ්‍ය ඒකකය මෙකී සිද්ධියත් සමග සිරිකොත ඉදිරිපිට මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවද කියයි.

මෙම ප්‍රහාරය කලින් සැලසුම් කළ ප්‍රහාරයක් බව පැහැදිලි ව පෙනෙන්නට තිබු බවද එහි සිටින අපගේ වාර්තකරුව පැවැසීය. සාමකාමී උද්ඝෝෂණයක් වෙනුවට ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස එම ජාතික සංවිධාන එකමුතුව මැයෙන් පැමිණි පිරිස කටයුතු කළ බව පොලීසිය දු‍ටු බවත් එහෙත් එම අවස්ථාවේ පොලිසිය එම පිරිස පාලනය කිරීමට අපොහොසත් වූ බවත් අප වාර්තකරුවා පවසයි.

මේ අතර පිටකෝට්ටේ සිට ඇතුළු කෝටේ දක්වා වාහන ධාවනයට බාධා එල්ල වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

ගැටුමේදී දෙපාර්ශවයේ 30 දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති බවද දැනගන්නට තිබේ.

මේවන විට එම ස්ථානයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇත.

පොදු අපේක්ෂක‍ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එකී රැස්වීම සංවිධානය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us