ඩොරිස් මහතා මෙම පත්වීමට පෙර පේරු රාජ්‍යයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා වශයෙන් සේවය කර ඇත.
මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වශයෙන් කටයුතු කළ ජෝන් රැන්කින් මහතා නව තානාපති තනතුරකට පත්කිරීමත් සමග හිස් වන මහකොමසාරිස් ධුරයට ඩොරිස් මහතා පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් ලබන වසරේ අප්‍රේල් මස මුලදී ඩොරිස් මහතා වැඩ භාර ගනු ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.