තැපැල් ඡන්ද අක්‍රමිකතා රැසක්

Published in පුවත්
Wednesday, 24 December 2014 13:10

තැපැල් ඡන්දය භාවිතා කිරීමේදී ආරක්ෂයේ අංශයේ සේවයේ නියුතු පිරිස් හට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින බව ආනාවරණය වේ.

ඒ අතර කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක  බලකා පුහුණු පාසැලේ සෙබළුන්ට  සිය තැපැල් ඡන්දය එ.ජ.නි.ස අපෙක්ෂකයාට ලබාදී තමාට පෙන්වා දමන ලෙස එහි අණ දෙන නිළධාරි මාරසිංහ නැමැත්තා උපදෙස් දී තිබේ.
 
තවද මෙම අණ දෙන නිළධාරියා සෙසු නිලධාරින්ගේ නිවාසවල  දේශපාලන රැස්වීම් පවත්වන බවට ද පැමිණිල්ලක් ලැබී තිබේ.
 
 
එමෙන්ම දිවයින පුරා පිහිටි ශ්‍රිලංගම බස් ඩිපෝ ආශ්‍රිතව පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම් වලදී විශාල වශයෙන් ඡන්ද අක්‍රමිකතා සිදු කිරීමට රජයට සම්බන්ධ වෘත්තිය සමිති සුදානමින් සිටින බව වාර්තා වෙයි.
 
ඒ අතර වයඹ, බස්නාහිර, ඌව ආදී පළාත් වල මෙම අක්‍රමිකතා සහ බලපෑම් සිදුවීමේ අවධානමක් පවතියි.
 
ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි පෙන්වන ලෙස බලපෑම් කිරීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමට බලපෑම් කිරීම,එජාප පාක්ෂිකයින්ට තර්ජනය කිරීම් මේ අතර වාර්තා වේ.
 
ඒ අතර පොලොන්නරුව ගල්කන්ද  යුධ හමුදා කඳවුරේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයට  පැමිණි පිරිසක්  ඡන්ද දායකයින්ට බලපෑම් සිදුකර තිබේ.
 
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් බව තියන wp KB 1189 දරණ කැබ් රථයෙන් පැමිණි මෙම පිරිස මෙම බලපෑම එල්ල කර තිබේ.
 
මෙම කඳවුරේ කාර්ය භාර නිලධාරියා වන්නේ මේජර් ජනරාල් ලලිත් ගුණවර්ධන මහතාය.
 
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද 55000 කින් තැපැල් ඡන්ද 12000 ක් ප්‍රතික්ෂේප වී තිබේ. 
 
ඒ හේතුවෙන්  ඊයේ (23) වන දින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකිව ඔවුන්ට ආපසු හැරී යාමට සිදුව තිබේ.
 
මෙකී තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්‍ෂේප වීම පිළිබඳව මෙම රාජ්‍ය සේවකයින් කල් ඇතුව දැනුවත් කිරීමට ද පියවරක් ගෙන නොතිබිණ.
 
එමෙන්ම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ  නාවුක භටයින් හට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එම පත්‍රිකාව සීල් කළ පෙට්ටියකට නොදමා  නිලධාරීන්ගේ අතට ලබාදෙන ලෙස  බලපෑම් කර තිබේ.
 
මෙලෙස නාවුක සෙබළුන්ට බලපෑම් කර ඇත්තේ යෝෂිත රාජපක්ෂ‍ ගේ බලපෑම මත බව ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද කැෆේ සංවිධානය වෙත පැමිණිලි කර ඇත.
 
තවද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානයට CCTV කැමරා යොදාගැනීම
 
කෝට්ටේ මහ නගර සභාවේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සකසා තිබු ස්ථානයේ CCTV කැමරා යොදා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කැෆේ 
මැතිවරණ නිරීක්ෂන ජාලය පවසයි.
 
මෙම කැමරා මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ රහස්‍ය භාවයට හානි කර තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
 
 
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us