කාදිනල් හිමියෝ මෙසේ ප්රකාශ කළේ කොළඹ අගරදගුරු මැඳුරේ පැවති කිතුනු කලා ශිල්පීන්ගේ සුහද හමුවේදීය. සමහරුන් පාප් වහන්සේගේ සංචාරය විවිධ හේතුන් නිසා අවලංගු කිරීමට උත්සාහ දැරුවත් එම උත්සාහයෙන් පලක් නොවන බවද කාදිනල් හිමියෝ කීහ.
පාප් වහන්සේ සිය පදවිය ලැබූ මොහොතේ උන්වහන්සේට ශ්රී ලංකාවට පැමිණෙන ලෙස තමා ඇරැයුම් කළ බවද හිමියෝ පවසති.
එහෙත් උන්වහන්සේගේ සංචාරය සම්බන්ධයෙන් විවිධ කතෝලික පාර්ශ්වවලින් විරෝධයක් එල්ල වී ඇති අතර එම නිසා එම සංචාරය ශ්රි ලංකාවේ මැතිවරණ ප්රචණ්ඩකාරීත්වය හමුවේ අවසන් මොහොතේ වුව අවලංගු කිරීමේ හැකියාවක් පවතී. මේ වන විටත් මේ සම්බන්ධයෙන් විදේශීය මාධ්යන්වලද දැඩි අවධනයට ලක්ව තිබේ.