මහින්දගේ තුන්කල් දැක්ම හෙට බලන්න පුළුවන්

Published in පුවත්
Sunday, 21 December 2014 08:00
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්‍ෂ  විසින් ඉදිරිපත් කෙරෙන "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය  හෙට (22 දා) පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
 
මෙය දීර්ඝ කාලීන සංවර්ධන ක්‍රියාවලියක්‌ හා පුළුල් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංවිධානයක්‌ මූලික කරගෙන සකස්‌ කර ඇත. 
 
පූර්ණ ව්‍යවස්‌ථා සංශෝධනය දීර්ඝකාලීන ප්‍රතිසංස්‌කරණ රැසකින් යුක්‌ත වන අතර එහිදී විධායක ජනාධිපති ධුරය සතු ඇතැම් බලතලවල යම්යම් වෙනස්‌කම් සිදු කිරීමට නියමිතය. එසේම රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා ඊට ඇති බාධා ඉවත් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක්‌ යෝජනා කර ඇති අතර එහිදී දැනට ඇති නීතිරීතිවල සංශෝධනයක්‌ සිදු කෙරේ.
 
මෙය විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ අනුව යමින් ඊට පිළිතුරු ලෙස සකස් කිරීමට උත්සහ ගෙන ඇති බවද ආණ්ඩු පක්ෂයේඅ ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ නමුත් පසුගියදා  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයක කඩිනම් වැඩ පිළිවෙලක් සහිතව ඉදිරිපත් කෙරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන්  මේවන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා තිබුණෙ එම ප්‍රතිපති ප්‍රකාශයන්යේ පොරොන්දු තම 2015 අයවැය යෝජනාවේ පිටපතක් බවයි. එහි වැඩි කොටසක් මේ වන විට ඉ‍ටු කර ඇති බවත් ඉතුරු කොටස ඉදිරියේදී ඉ‍ටුකරන බවත්ය. එහෙත් ආණ්ඩුවේ ඇමැතිවරු පවසාන්නේ ඒ පරස්පර බොරු වලින් ගහන කිසිදු සැලසුමකින් තොර  ලියැවිල්ලක් බවය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us