නීති විරෝධී කටවුට්‌ තවම ප්‍රදර්ශනයේ-බලවත් පුද්ගලයන්ගෙන් පොලිසියට බාධා

Published in පුවත්
Sunday, 21 December 2014 06:48

ජනාධිපතිවරණයට අදාළව රටපුරා ඉදිකර ඇති දැවැන්ත කටවුට්‌ පෝස්‌ටර් බැනර් සැරසිලිවලින් 50% ක පමණ ප්‍රමාණයක්‌ තවමත් ඉවත් කිරීමට නොහැකි වී ඇත.

මෙම සැරසිලි බැනර් කටවුට්‌ ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ විවිධ දේශපාලනඥයන් ගෙන් සහ බලවත් පුද්ගලයන්ගෙන් පොලිසිය වෙත දිගින් දිගටම බලපෑම් එල්ල වීම නිසා බවද වාර්තා වෙයි.මෙම තර්ජන සහ බලපෑම් හමුවේ පොලිස්‌ නිලධාරීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

රටපුරා ඉදිකර ඇති මැතිවරණ සැරසිලි ඉවත් කිරීමට මැතිවරණ කාර්යාලය මගින් පොලිසියට රුපියල් ලක්‌ෂ 500 ක මුදලක්‌ද ලබාදී ඇත. මැතිවරණ කොමසාරිස්‌වරයාද දිගින් දිගටම පොලිසියට දැනුම්දී ඇත්තේ මෙම සැරසිලි ඉවත් කරන ලෙසය.


මේ අතර පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති එක්‌තරා බලවත් නිලධාරියකු ද පොලිසියට විවිධ බලපෑම් එල්ල කරමින් මැතිවරණයේ දී පක්‍ෂග්‍රාහීව කටයුතු කරන ලෙසට තර්ජනය කරන බවද වාර්තා වී ඇත.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us