එජනිස සාකච්ඡාවකට එජාපය කඩා පැන ගිනි කෙළි පෙන්වයි

Published in පුවත්
Friday, 19 December 2014 13:07

රත්නපුර, ඇහැළියගොඩ ජිලානි හෝටලයේ පැවති එජනිසයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් කලබැගෑනියක් ඇති කර ඇත.

කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුමෙන් ප්‍රහාරයට පැමිණි කිරිඇල්ල මහතා ට තියුණු ආයුධයකින් තුවාලයක් සිදු ව ඇත. එජාප කණ්ඩායම විසින් පහරදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් කාන්තාවන් සිව් දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කොට ඇත.


ප්‍රහාරයට ලක් වූ එජනිස ආධාරකරුවන් පවසන්නේ තමන්ට පොලු, රීප්ප සහ ගිණි අවි සහිතව පැමිණි සිරිපාල කිරිඇල්ල, හැරිස් කිරිඇල්ල යන එජාප මහජන නියෝජිතයින් ද ඇතුලත් කණ්ඩායමක් විසින් පහර දුන් බවයි.


මෙම රැස්වීමට සහභාගී වී ඇත්තේ සමෘද්ධි නිළධාරීන්, කෘෂිකර්ම සහායකයින් ඇතුඵ පිරිසකි. පවිත්‍රා වන්නිආරච්ච් සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ද එයට සහභාගි වන බවට දැනුම් දී තිබුණි.

මෙම රැස්වීම නීති විරෝධී බවට පැමිණිලි ද මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබුණි. ගැටුම ඇති වන විට ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ස්ථානයේ සිට ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us