උපකාරක ගුරු සංගමයේ උපකාරයත් මෛත‍්‍රීට

Published in පුවත්
Friday, 19 December 2014 12:54

සමස්ත ලංකා උපකාරක ගුරු සංගමය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ඊයේ(18) පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

මෙහිදී සමස්ත ලංකා උපකාරක ගුරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ආර්ථික විද්‍යා දේශක ප‍්‍රභාත් කොඩිතුවක්කු මහතා අදහස් දැක්විය.

‘‘වෘත්තීය දේශක වරුන් ලෙස කිසිම දිනක අපේ අයිතීන් වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී සිට නැහැ. රටේ අනාගතය භාරගන්නට සිටින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් මග පෙන්වීමක් කිරීම අපට පැවරී ඇති ජාතික වගකීමක්.

අද අධ්‍යාපනය පහතට වැටී ඇත. ප‍්‍රතිඵල ඉහළ මට්ටමක තිබෙනවා යයි වර්තමාන රජය විසින් ප‍්‍රකාශ කලත්, ඔවුන් එය ළඟා කර ගෙන ඇත්තේ සමත් වීමේ ලකුණු මට්ටම පහත දැමීමෙන් හෝ ප‍්‍රශ්න පත‍්‍ර වල ගුණාත්මක බව අඩු කිරීම මගින්. රට තුළ නිදහස් අධ්‍යාපනය තිබුනත් අද වන විට දරුවන් ගේ නිදහස් අධ්‍යාපනය තහවුරු කරන්නේ වෘත්තීය දේශක වරුන් විසින්. මෙම තත්වය නිසා අධ්‍යාපනයේ බරපතල විෂමතා ඇතිව තිබේ. සම්පත් තිබෙන පාසල් වලට පමණක් වැඩි අවධානය යොමු කරමින් සිටී. සංවර්ධනය ගැන රාජපක්‍ෂ මහතා නිතරම කතා කරයි. ඔහු සංවර්ධනය ලෙස හඳුන් වන්නේ නගරයකින් නගරයකට යාම පමණයි.’’

මෙම අවස්ථාවට සම්බන්ධ වූ සමස්ත ලංකා උපකාරක ගුරු සංගමයේ උප සභාපති ආර්ථික විද්‍යා දේශක ප‍්‍රදීප් උඩුවන මහතා ප‍්‍රකාශ කළේ :
මෙවැනි වේදිකාවකට පැමිණ වෙනත් ජනාධිපතිවරයෙකු පත්කරන්නට දායකත්වය ලබා දෙන්නේ වර්තමාන පාලනය විසින් දුවා දරුවන් ගේ අනාගතය විනාශ කරමින් පවතින නිසා. අද පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ මුල් පුටුවෙ තබන්නේ කැසිනො රජෙක්. නව විෂය නිර්දෙශය ගුරු අත් පොතෙන් බොහෝ දේ ඉවත් කර ඇත. දැනුමෙන් අඩු දරුවන් බිහි කරන යුගයක් නිර්මාණය කර ඇත.

මෙහිදී සමස්ත එක්සත් වෘත්තීය සේවක සංගමයේ අනුශාසක ආර්ථික විද්‍යා දේශක තිලක් මහනාම මහතා ප‍්‍රකාශ කළේ :
‘‘දෙවරක් විධායක බලයෙන් ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මහතා ජීවිත කාලය තුලම මෙම බලය පවත්වා ගැනීමට 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කළා, එය රටට කළ දෙයක් නෙමෙයි ඔවුන්ගෙ පවුල් පාලනයේ යහපත සඳහා සිදු කර ගත් දෙයක්.මෙය අද වන විට ජනතාව හොඳින් තේරුම් ගෙන තිබෙනවා. තරුණයින් මෙන්ම ඔවුන්ගෙ දෙමව්පියන් පවා මෛත‍්‍රී පාලනයට සහයෝගය ලබා දෙමින් සිටී’’

ප‍්‍රවීණ සිංහල දේශක බෝසිත් පතිරණ මෙහිදී අදහස් දැක්වීය ‘‘අනාගත පරම්පරාව සඳහා නිවැරදි මග පෙන්වීමක් කිරීම යුතුකම 2005 දී අපි එවකට අග මැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත් විය යුතු යැයි පුවත් පත් දැන්වීම් වලට අත්සන් පවා ලබා දුන්නා, එය නිවැරදි තීරණයක් බවට පත් වුණා. නමුත් අද මතට තිත නමින් වැඩ පිළිවෙලක් ගෙනාවට අද මතින් තොර සමාජයක් නැහැ. කැසිනෝ, කුඩු, ගණිකා මඩම් ව්‍යාප්ත වෙලා දරුවන් ගොදුරු කරගන්නා සමාජයක් නිර්මාණය කරලා භෞතික සම්පත් ගොඩ නැගුවට දරුවන්ගෙ ආධ්‍යාත්මය ගොඩනගන විෂය නිර්දේශය නවීකරණය වෙලා නැහැ.2015 ජනවාරි ලබා දීමට නියමිත 10 ශේණියට නිර්දේශ කර ඇති සිංහල පොත් වල සිංහල හෝඩිය වත් නිවැරදි නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන් කොතනටද ගෙනයමින් සිටින්නෙ..?”

{soundcloud}https://soundcloud.com/lankadaily/sprit-1{/soundcloud}

Last modified on Friday, 19 December 2014 12:59

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us