එහි මහලේකම් වයිකෝ ගෝපාල් ස්වාමි විසින් යුරෝපයේ ඉන්දීය තානාපතිවරයා වෙත මෙම ඉල්ලීම සිදු කර ඇති බව පී.ටී.අයි පුවත් සේවය ප‍්‍රකාශ කරයි.
වයිකෝ විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත යුරෝපා සංගමයේ විශේෂ තානාපති නියෝජිත කණ්ඩායම හමුවූ අවස්ථාවේදීය.
මෙරට දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් ඔවුන්ගේ අයිතීන් පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට වයිකෝ එහිදී ප‍්‍රකාශ කළ බව සදහන්ය.
ඒ සඳහා යුරෝපා සංගමයට පැහැදිලි කාර්යභාරයක් ඉටුකල හැකි බව ඔහු අවධාරණය කර ඇත.