ජනාධිපතිවරණය පිළිබඳව පක්ෂය ගන්නා වූ ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (09දා) රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවේදී එක් පාර්ශ්වයක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බව පවසා ඇත.
තවත් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දිය යුතු බවත් ප්‍රකාශ වීඹ හේතුවෙන් එම සාකච්ඡාව දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා විය.
පක්ෂ අභ්‍යන්තරය තුළ මතුවී තිබෙන මෙම මත ගැටුම හේතුවෙන් ජනාධිපතිවරණයේදී සහාය දැක්විය යුත්තේ කවර අපේක්ෂකයාටදැයි යන්න තීරණය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.