තිස්ස ගේ පුටුව කබීර්ට-තිස්සට අභියෝගයක්.

Published in පුවත්
Wednesday, 10 December 2014 10:41

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පෙරේදා (08දා) එම තනතුරින් ඉල්ලා අස්වූයේය. ඒ නිසා නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතලවලට අනුව නව මහලේකම්වරයා ලෙස කබීර් හෂීම් මහතා පත්කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ 15 වැනි මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (10දා) සිරිකොත මූලස්ථානයේදී වැඩ භාරගැනීම සිදු විය.

එජාප නව මහලේකම් ලෙස අද (10දා) වැඩ බාරගැනීමෙන් අනතුරුව කබීර් හෂීම් මහතා තිස්ස අත්තනායක මහතාට අභියෝගයක් ලබාදුන්නේය.

"ආණ්ඩුවෙන් ආපු මහ ලේකම් වත්කම් බැරකම් ඉදිරිපත් කළා. අපෙන් ගිය මහලේකම්ට මම අභියෝක කරනවා වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙසට" යැයි කබීර් හෂීම් මහතා පැවැසීය.

පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කබීර් හෂීම් මහතා මහලේකම්වරයා ලෙස පත්වීමත් සමග පක්ෂයේ සභාපති තනතුර පුරප්පාඩු වී තිබෙන අතර, එම තනතුරට පුද්ගලයෙකු පත්කිරීම ඉදිරියේදී සිදුවීමට නියමිතය.

{soundcloud}https://soundcloud.com/lankadaily/kabir-hashim{/soundcloud}

Last modified on Wednesday, 10 December 2014 13:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us