චන්ද්‍රිකා සුහද හමුව පැවැත්වූ හෝටලයට ප්‍රහාරයක්

Published in පුවත්
Wednesday, 10 December 2014 10:35

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වූ පක්ෂ සාමාජික රැස්වීමකින් පසු එම හමුව පැවැත්වූ කටුගස්තොට පල්ලේතලවින්න ප්‍රදේශයේ හෝටලයට ප්‍රහාරයක් එල්ලවී ඇත.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ඊයේ (09දා) සවස හිටපු ජනාධිපතිවරිය සහ පක්ෂ සාමාජිකයන් අතර සුහද හමුවක් පවත්වා තිබෙන අතර, සුහද හමුව පවත්වා පිරිස ඉවත්ව ගිය පසු ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම හෝටලයට ප්‍රහාර එල්ල කර තිබේ.


මෙම ප්‍රහාරය නිසා කාමර 21 ක ජනෙල්වලට හානි සිදුව තිබෙන අතර, හෝටල් හිමියා විසින් මේ පිළිබඳව කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවය.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us