රැස්වීම් කිහිපයකට යමින් සිටිය රථ වාහන පෙළපාලියක් පැමිණෙන නිසා මාර්ගය අසල වාහනය නතර කොට කඩයක තේ බොමින් සිටින අතර මෙම පහරදීම සිදුව ඇත.
හිරියාල ආසනයේ ඊයේ(07) රථවාහන පෙළපාලියක් පැවති අතර එයට අමාත්‍ය සාලින්ද දිසානායක ද හා යූ.කේ.සුමිත් යන අය එක්වී සිටියේය.
පහර කෑ එජාප සංවිධායකවරයා පවසන්නේ යූ.කේ සුමිත් තමන්ගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවයි.
එමෙන්ම රත්නපුර පැල්මඩුල්ල එජාප ප්‍රා දේශීය සභා මන්ත්‍රී මංජුල ඩයස් වික්‍රමනායක ට දෙසැ. 6 දින අලුයම වාහනයකින් පැමිණ පිරිසක් පහර දී තිබේ.
පැල්මඩුල්ල නගරයේ කොළ පැහිති කොඩි වලින් සරසමින් සිටිය දී පැමිණි ප්‍රා දේශීය දේශපාලනඥයෙකු තමන්ට පහර දුන් බව ඔහු පවසයි.