විරෝධතා දෙකයි-දෙකම අවලංගුයි

Published in පුවත්
Monday, 08 December 2014 12:03

මෙවර ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා බාරදීමෙන් පසු විරෝධතා ගොනුකිරීමට ලබාදුන් කාලයේ විරෝධතා දෙකක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට යොමුකර තිබේ.

නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිවද,නාත් සමරතුංග මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාටද එරෙහිවද විරෝධතා ගොනු කර තිබිණි.

එහෙත් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විධිවිධානවලට එම විරෝධතා අදාළ නොවන බවත්, එබැවින් එකී විරෝධතා තමා වෙත පවත්නා බලතල අනුව අවලංගු කරන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

එසේම මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් 19 දෙනාගේම නාමයෝජනා පත්‍ර නිසි ලෙස සම්පූර්ණ කර ඇති බැවින් ඒ කිසිදු නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප නොවන බවත්, ඒ අනුව එකී සියලුම දෙනා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට සුදුසුකම් ලබන බවත් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us