ජනපතිවරණයේ නාමයෝජනා භාරදීම හෙට.

Published in පුවත්
Sunday, 07 December 2014 10:20

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න දොළහෙන් අවසන් වේ.

මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 16 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය. මේ අතර, නාමයෝජනා භාර ගැනීම හෙට පෙරවරු නවයේ සිට 11 දක්වා සිදුකිරීමට නියමිතය.

පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා කාලසීමාව තුළ අදාළ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවෙයි.

ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙකු විසින් හෝ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ නාමයෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තා විසින් එම විරෝධතා ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

නාමයෝජනා බරගැනීම සිදුවන හෙට දිනයේ දහසක පමණ පොලිස් හා කැරලි මර්දන බල ඇණියක් කොළඹට කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එම කාලය තුළ රාජගිරිය ප්‍ර දේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

ජනාධිපතිවරණය ජනවාරි 8 වැනිදා පැවැත්වෙන අතර ඡන්ද විමසීම සඳහා 2014 වසරේ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කෙරෙයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ 44,490 කි.

මේ අතර මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් තිස් පස් දෙනෙකු පමණ සහභාගී වන අතර දේශීය නිරීක්ෂකයින් ද සහභාගී කරවීමට නියමිත බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us