එම සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මහතා වව්නියාවේ දි ඊයේ (06) දහවල් පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේ දී කරනු ලබන ප්‍රකාශයන් පිළිබඳව අවධානයෙන් සිට සහය දෙන පාර්ශවය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසන්නේ තම ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සිකුරාදා දිනයේ ද ආණ්ඩුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ අතර මෙතෙක් සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.