තැපැල් ඡන්ද භාවිතයේ කැපී පෙනන අඩුවක්

Published in පුවත්
Wednesday, 03 December 2014 14:48

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට ඉල්ලූම් කර ඇති සංඛ්‍යාවේ කැපී පෙනන අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මේ වන තෙක් අයදුම් කර ඇති තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව තුන් ලක්ෂයකට ආසන්න වන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ජාතික මැතිවරණයකදී තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂයක් පමණ වාර්තා වීම සාමාන්‍ය තත්වයකි. එහෙත් හෙට දිනයෙන් තැපැල් ඡන්ද අයදුම් කිරීම අවසන් වීමට නියමිතව තිබියදීත් තැපැල් ඡන්ද දායකයින්ගේ අඩු උනන්දුව කැපී පෙනන බව ඔහු කියා සිටියේය.

මේ වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් බහුතරය තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් යොමු කර තිබේ. ගුරුවරුන්ගෙන් ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත්වල පැහැදිලි අඩුවක් පෙන්නුම් කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරීමට ලබාදී ඇති කාලසීමාව හෙට මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්වේ. කිසිඳු හේතුවක් මත එම කාලසීමාව දීර්ඝ නොකරණ බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසන්නේ. එබැවින් කොළඹ දිස්ති‍්‍රක්කයේ තැපැල් ඡුන්ද අපේක්ෂකයින්ට මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණ සිය අයදුම්පත් ලබා දෙන ලෙසද මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කර ඇත. තැපැල් මගින් අයදුම්පත් යොමු කිරීමේදී මතුවිය හැකි අපහසුතා වළක්වා ගැනීම මෙහි අරමුණය.

මේ අතර ජනාධිපතිවරණයේ පූර්ව සමයට අදාළව පැමිණිලි 18ක් තමන් වෙත වාර්තා වී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි ඒකකය පවසනවා. ඒ අතරින් පොදු පැමිණිලි නවයක් ලැබී ඇති අතර පැමිණිලි 3 ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙනි.

කැෆේ සංවිධානය වෙතද පූර්ව මැතිවරණ සමයට අදාළ පැමිණිලි නවයක් වාර්තා වී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us