ශී‍්‍ර ලංකාව යුරෝපා සංගමයට තුති පුදයි

Published in පුවත්
Wednesday, 03 December 2014 13:36

එල්.ටී.ටී.ඊ සංවිධානයට පැනවුණු සම්බාධක ලිහිල් කිරීම සඳහා යුරෝපා අධිකරණය ගෙන ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව යුරෝපා සංගමය වෙත සිය ප‍්‍රසාදය පළ කරයි.

අදාළ අධිකරණ තීන්දුව මගින්, එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සහ ඔවුන්ගේ වත්කම් අත්හිටුවීම සඳහා තමන් ගෙන ඇති පියවර අවලංගු වීමේ තත්ත්වයක් පැන නැගිය හැකි බව යුරෝපා සංගමය ඊයේ (02) ප‍්‍රකාශ කළේය. එම නිසා මෙම අභියාචනය ඉදිරිපත් කළ බව යුරෝපා සංගමය අවධාරණය කරයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ යුරෝපා සංගමයේ තීරණය ශී‍්‍ර ලංකාව පිළිගන්නා බවයි. ත‍්‍රස්තවාදයට එරෙහිව මෙවැනි සාමුහික ප‍්‍රයත්නයන් අත්‍යවශ්‍ය බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

ලක් රජය යුරෝපා සංගමය සමඟ නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කරන අතර, ත‍්‍රස්තවාදයට එරෙහි කටයුතුවලදී පෙන්නුම් කරන්නේ පූර්ණ කැපවීමකි. යුරෝපය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධාන ජාලය තවමත් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළදී ත‍්‍රස්තවාදය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා යුරෝපා සංගමය ගත් මෙම පියවර අගය කරන බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us