මෑතකදී පක්ෂයට අයත් වටිනා ඉඩමක් ගාල්ලේ දී විකිණුවේ මුදල් නැති නිසා බවත් එය පැවසීමට ලැජ්ජා වීම අවශ්‍ය නැහැ යනුවෙන්ද ඔහු පැවසුවෙිය. ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවේය.
අපිට සල්ලි නැහැ පක්ෂයේ ආර්ථික තත්වය සියලු දෙනාම දන්නවා.
ඇත්ත වශයෙන්ම ඩයස්පෝරාවේ සල්ලි තියෙන්නේ අපි ගාව නෙවෙයි. ඩයස්පෝරාවේ සල්ලි තියෙන්නේ කේ.පි ලග. ඔහු තමයි දෙමල ඩයස්පෝරාවේ ඉතුරු වෙලා සිටින එකම නායකයා.
මේ අතර විපක්ෂ කණ්ඩායම්වලට මේ දිනවල විවිධ පාර්ශ්වයන්ගෙන් මුදල් ගලාගෙන එන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය. ඔහු කියා සිටියේ එලෙස මුදල් ගලා ඒම නිසා මහජන නියෝජිතයින් මිලට ගැනීමට ද ඔවුන් කි‍්‍රයාකරමින් සිටින බවය.