ඔඩ්ඩුසුඩාන් සමූහ මිනීවලෙන් අස්ථි කොටස් හමුවේ.

Published in පුවත්
Wednesday, 03 December 2014 13:04

සිවිල් වැසියන් 80 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු සහ යුද හමුදා කපිතාන්වරයෙකු ඝාතනය කර පුළුස්සා ඇති බවට සැකකෙරෙන මුලතිව් - ඔඩ්ඩුසුඩාන් සමූහ මිනීවලේ කැණීම් ඊයේ (02) ආරම්භ වුයේය. ඒ, අධිකරණ නියෝගයකට අනුවය.

අදාළ කැණීම්වලදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය 2006 වසරේ දී සිවිල් වැසියන් 80 දෙනෙකු, පොලිස් පරීක්ෂක ජයරත්නම් නැමැත්තෙකු සහ යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුලූ පිරිසක් මුලතිව් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකදී වෙඩි තබා ඝාතනය කර පිළිස්සූ බව අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හතරදෙනෙකු සිදුකළ පාපොච්චාරණයකදි මීට පෙර අනාවරණ විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us