බොහෝ විට එම පිටුවල වැඩිපුර පිරිසක් සිටින්නේ "තුර්කිය" වැනි රටක නම් එම ෆේස්බුක් පිටුව "Like" ලබාගැනීම සඳහා විදෙස් රටකින් ආධාර ලබාගෙන ඇති බවට සැක කළ හැකිවේ. බොහෝ විට තුර්කිය වැනි රටකින්ම මෙම ව්‍යාජ ලයික් ගනු ලබන්නේ තුර්කියේ මුදලට විකුණනු ලබන ලයික් අනෙකුත් රටවලට සාපේක්ෂව ලාභ බැවිනි. තුර්කියේ විකුණනු ලබන ලයික් වල මිල ගණන් පිලිබඳ අදහසක් පහතින්.
මූලාශ්‍රය : http://www.socialbakers.com/
ඉහත දැන්වීමට අනුව තුර්කියෙන් ලයික් ලබා ගැනීමේදී ලයික් 1000ක් සඳහා ඩොලර් එකක්ද, ලයික් 10,000 ක් සඳහා ඩොලර් දහයක් ද, ලයික් 50,000 සඳහා ඩොලර් පනහක්ද , ලයික් 100,000 සඳහා ඩොලර් 100 ක් ද ප්‍රමනාවත් බව පෙනී යයි.
මේවනවිට බොහෝ දෙනා තුර්කිය මගින් ලබාදෙන ලාභ ලයික් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ටික කලකින් ලයික් ප්‍රමාණය අඩු වන බැවිනි.
ලංකාවේ දේශපාලඥයන්ගේ බොහෝ දෙනෙකුගේ ෆේස්බුක් පිටුවලට ශ්‍රීලාංකිකයන් විසින්ම ලයික් කර ඇති බව අප කළ සොයාබැලීමකදී හෙළිවිය.
තෝරාගත් දේශපාලඥයන කිහිපදෙනෙකුගේ ෆේස්බුක් පිටුවල ලයික් ප්‍රමාණය හා ලයික් කොට ඇති රටවල් බලන්න පහතින්.