මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ පොලිස් ඒකක පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ව දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී පුහුණු කිරීම මෙම සතිය තුළ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මෙම සති අන්තයෙන් පසුව පාසල්වල නිවාඩුව ලබාදෙන බැවින් මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන අනෙක් රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණුවීම් දෙසැම්බර් මස දෙවන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.