එළඹෙන ජනාධිපතිවරණය පදනම් කරගෙන එම පෙරමුණ විසින් රට පුරා දියත් කිරීමට නියමිත ජන රැළි මාලාවේ පළමු ජන රැළියට ඊයේ (01) නුගේගොඩ දී එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.
වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පරාජයට පත් කිරීම සඳහා ලබන ජනවාරි 8 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තීරණයක් ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
තමන් මෙවර ජනාධිපතිවරණයේ දී ඍජුව කිිසිඳු අපේක්‍ෂකයෙකුට සහය ලබානොදුන්න ද වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරන බවද අනුර කුමාර දිසානයක මහතා මෙහිදී කියා සිටියේය.