පොලිසිය කර අැරියා-අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

Published in පුවත්
Monday, 01 December 2014 09:14

පළාත් පාලන ආයතන නීති සහ පරිසර නීති උලල්ංඝනය කරමින් රට පුරා ප්‍රදර්ශනය කරන මැතිවරණය ඉලක්ක කරගත් පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් නොකිරීමට එරෙහිව පොලීසියට සහ පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

පළාත් පාලන ආයතන නීතිරිතිවලට අනුව තම බලප්‍රදේශයෙහි ප්‍රදර්ශනය කරන ඕනෑම ප්‍රචාරක පුවරුවක් වෙනුවෙන් බදු අයකරගෙන අනුක්‍රමික අංකයක් ලබාදිය යුතුය. නමුත් මේ දිනවල ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම්වල එවැනි කිසිදු සඳහනක් නොමැති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.


මේ නිසා විශාල බදු මුදලක් රටට අහිමි වී අැත. මීට අමතරව නගර අලංකාරයට මෙය දැඩි බාධාවක් වී තිබෙන බවත් එහෙත් එයට එරෙහිව පළාත් පාලන ආතන ක්‍රියාමාර්ග නොගන්නා බවද ඔහු පවසා සිටී.


පරිසර අණපනත්වලට අනුව පෝස්ටර් බැනර් කටවුට්වලින් සිදුවන පරිසර හානිය සැලකිල්ලට ගනිමින් නීතිවිරෝධී ආකාරයට ප්‍රදර්ශනය කරන පුවරු, පෝස්ටර් ඉවත් කිරීමට පොලීසියට හැකියාවක් තිබුණත් එම කටයුත්ත පොලීසිය විසින් සිදුනොකරන බවද රෝහණ හෙට්ටිආරච්ච් මහතා කියා සිටියේය.


මේ නිසා මොවුන්ට එරෙහිව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මේ දිනවල නීති විශාරදයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අනුව ඉදිරි සතිය තුළදී මෙම නීතිමය ක්‍රියාමර්ග ක්‍රියාත්මක කිරීමට කටයුතු කර බවද ඔහු පවසා සිටියේය.

Last modified on Monday, 01 December 2014 12:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us