සෞඛ්‍ය අමාත්‍යාංශය පිස්සු නටනවා

Published in පුවත්
Monday, 01 December 2014 09:02

පෝෂණවේදීන් ලෙස කෘෂිකර්ම හා ජීව රසායන විද්‍යා උපාධිධාරීන් බඳවාගැනීමට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මේ සම්බන්ධව සංගමයේ මධ්‍යම කාරක සභාව විශේෂ සාකච්ඡාවක්‌ පවත්වන බව ද ඊට අමතරව වැඩබලන සෞඛ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා සමඟ අද (01 දා) සාකච්ඡා කිරීමට නියමිතය.

පෝෂණවේදය පිළිබඳ පශ්චාත් උපාධිය ලත් වෛද්‍යවරුන් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කෘෂිකර්ම හා ජීව රසායන විද්‍යා උපාධිධාරීන් හතළිස්‌ එක්‌ දෙනකුට අද (01 දා) පෝෂණවේදීන් ලෙස පත්වීම් ලබාදීමට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක්‌ පවසයි.

මැතිවරණ උණුසුමක්‌ පවතින මෙම කාලය තුළදී වෛද්‍යවරුන් මෙවැනි වර්ජන ක්‍රියාදාමයකට ඇද නොදමා පෝෂණවේදීන් බඳවා ගැනීමේ ගැටලුවට නිසි විසඳුමක්‌ ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඉල්ලා සිටී.

පෝෂණවේදය පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ද වෛද්‍යවරුන් පුහුණු කරන බව කී එම ප්‍රකාශකයා එහි ප්‍රථම කණ්‌ඩායම මේ වන විටත් ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, උතුරු කොළඹ හා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල්, කරාපිටිය හා ගම්පහ දිසා රෝහලට අනුයුක්‌තව සේවය කරන බව ද සඳහන් කළේය.

පෝෂණවේදය පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා දෙවැනි වෛද්‍ය කණ්‌ඩායම ද මේ දිනවල පුහුණු වෙමින් සිටින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය මෙසේ අක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවන්නේ ජනාධිපතිවරයාගේ ද උපදෙස්‌ නොතකා හරිමින් බව පවසන වෛද්‍යවරු රජයේ ප්‍රතිපත්තියට පටහැනි බොහෝ කාර්යයන් මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවන බව ද කියති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us