පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පුජ්‍ය අතුරලියේ රතන හිමි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්තවාදි පක්ෂයේ සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්වීමට නියමිත බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමට ජාතික හෙළ උරුමය කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රි වර්ණසිංහ පෙන්වා දෙන අතර ජනාධිපතිවරණයේ දි සහය ලබාදෙන්නේ කාට ද යන්න පිළිබඳව මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට හැකිවනු ඇති බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.