මම එරෙහි වුනේ දූෂණයට වංචාවට මිසක මහින්දට නෙමෙයි

Published in පුවත්
Monday, 01 December 2014 08:21

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මම ඔබට පෞද්ගලිකව එරෙහි වූවා නෙවෙයි, ඔබේ පවුලට පෞද්ගලිකව එරෙහිවූවා නොවෙයි, මම එරෙහිවූයේ ඔබේ අල්ලසට, දූෂනයට, නාස්තියට, විධායක ජනාධිපති ක්‍රමයට, පවුල් පාලනයට පමණයි.

යනුවෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.

එසේම ජනපතිවරයා තෙවැනිවර බලයට පත්වුවහොත් රටේ සියලුම දේශපාලන පක්ෂ නැති කිරීමට ජනපතිවරයා කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

"මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් වන්නේ මේ රටේ සියළු දේශපාලන පක්ෂ විනාශ කරන්න. තුන්වැනි සැරේට බලයට පත් වුණොත් මේ රටේ සියළු දේශපාලන පක්ෂ සමතලා කරලා දාන්න මහින්ද රාජපක්ස මහත්තයා කටයුතු කරනවා. මම ඒ හැම දෙයක්ම දන්නවා. මම දන්නා දේවල් තවත් ඉදිරියේදී කියන්නම්." යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

සිය ප්‍රචාරක කටයුතු පොලොන්නරුවෙන් ආරම්භ කරමින් ඊයේ (30දා) පස්වරුවේදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී බැනර් , පෝස්ටර් සහ කටවුට් සඳහා යන වියදම් සියල්ල එකතු කර රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා අරමුදලක් පිහිටුවන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"මං පොදු අපේක්ෂකයා විදිහට තෝරා පත් කර ගත්තට පස්සේ හුඟක් අය ඇවිත් කිව්වා කතා කරලා කිව්වා කොඩි අදින්න, කටවුට් ගහන්න, පොලිතීන් ගන්න අපි සල්ලි දෙන්නම් කියලා. මගේ මැතිවරණ ව්‍යාපාරයේ, අපේ මැතිවරණ ව්‍යාපාරයේ කටවුට් නැහැ, පොලිතීන් නැහැ, කටවුට් ගහන්න පොලීතින් ගන්න මට දෙන හැම ශතයක්ම මේ රටේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ආධාර මුදලක් විදිහට මම අරමුදලක් ආරම්භ කරන බව කියන්න කැමැතියි. ඉදිරිපත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මගේ රුව කටවුට්වල නොව මේ රටේ ජනතාවගේ හදවත්වල තිබෙන බව මම පැහැදිළිවම දන්නවා."

රජය විසින් ක්ෂේත‍්‍ර නිලධාරීන්ට දැනට ලබාදෙන යතුරුපැදි තමන් බලයට පත් වූ වහාම නොමිලේ ලබාදෙන බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය.

මෙම ජනහමුව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ද සහභාගි වී සිටියහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us