සුසිල්-ඩලස් කර අරී - මාධ්‍ය හමුව අවලංගු වේ

Published in පුවත්
Monday, 01 December 2014 08:04

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොපැමිණීම නිසා හදිසියේම අවලංගු කර දැමීමට ශ්‍රීලංනිප සංවිධායකවරුන්ට සිදුවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වන බව මීට පෙර දන්වා තිබිණි.

මෙම මාධ්‍ය හමුව පෙරවරු 11.30ට ආරම්භවීමට තිබූ අතර ඒ වන විට ඩිව් ගුණසේකර සහ මොහොමඩ් මුසම්මිල් මහත්වරු පැමිණ සිටියේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා දහවල් 12.30 වන විටත් මාධ්‍ය හමුවට නොපැමිණි අතර ඔහු බේරුවල ප්‍රදේශයේ කටයුත්තකට සහභාගී වී සිටින බැවින් මාධ්‍ය හමුවට නොපැමිණෙන බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ඔහු ද මාතර ගොස් සිටින බවත් පක්ෂ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන් කර ඇත.

මේ හේතුවෙන් මාධ්‍ය හමුව අවලංගු කිරීමට තීරණය වූ අතර එහි ගිය මාධ්‍යවේදීන් ආපසු පැමිණීමට සිදුවිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us