ගාලූ කතිකාව 2014 නැමැති ජාත්‍යන්තර සමුද්රසිමා සමුළුවට සහභාගීවීම සඳහා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ඔහු සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
මීට අමතරව ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන නායකයින් සමගද සාකච්ඡා පවත්වන බව සඳහන්ය.