මාලකට ඇප දෙයි-ක්ලබ් තහනම්

Published in පුවත්
Saturday, 29 November 2014 10:14

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටි ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඊයේ (28දා) ඇප ලබාදී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ මාලකගේ ආධාරකරුවන් පිරිසක්ද ඇප මත මුදාහැර ඇත.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මාලක සිල්වා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර ඇත.

අනෙක් සැකකරුවන් පස් දෙනා අතරින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අතර සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කර තිබේ.

මීට අමතරව සිද්ධියට අදාළ නඩුව අවසන් වන තුරු සැකකාර මාලක සිල්වාට රාත්‍රී සමාජ ශාලාවලට ඇතුළු වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා මහජනතාවට බිය හා ත්‍රාසය දනවන ආකාරයෙන් සමාජයේ හැසිරීම් සිදු නොකරන ලෙසත්, අධිකරණය මගින් පනවනු ලැබූ තහනම් කිරීම් හා අවවාද පිළිපැදීම සම්බන්ධයෙන් මාලක සිල්වා සැකකරු තදින් වගබලා ගත යුතු බවත් අවධාරණය කළේය. මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට කිසිදු ආකාරයේ තර්ජනයක්‌ හෝ බලපෑමක්‌ හෝ සිදු වුවහොත් තරාතිරම නොබලා ඇප අවලංගු කර නඩුව අවසන් වන තුරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවත් කියා සිටියේය.


මේ අතර නඩුවට අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ද අද පෙරවරුවේ පවත්වා ඇති අතර ඊට බ්‍රිතාන්‍ය ජාතික යුවල සහභාගී වී තිබේ.

ඒ අනුව පුරා පැය තුනකට ආසන්න කාලයක්‌ සැකකරුවන් හයදෙනා විෂයෙහි හඳුනාගැනීමේ පෙරට්‌ටුව පැවැති අතර එහිදී සාක්‌කිකාර බ්‍රිතාන්‍ය ජාතික ඡේම්ස්‌ ප්‍රැන්සිස්‌ විසින් පළමු සැකකාර මාලක සිල්වා පමණක්‌ හඳුනා ගනු ලැබීය.

සැකකරුවන් ඇප මත මුදාහරිමින් පැමිණිල්ල යළි ලබන 19 දා කැඳවන ලෙසට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ එදිනට ගොනු කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us