අස්‌වර් අස්‌වෙද්දී අමීර්ට පුටුව

Published in පුවත්
Saturday, 29 November 2014 10:42

ජාතික ලැයිස්‌තුවෙන් පත් කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අල්හාඡ් ඒ. එච්. එම්. අස්‌වර් මහතා ඊයේ (28 වැනිදා) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.

එම ඉල්ලා අස්‌වීම නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරය සඳහා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී අමීර් අලි මහතාගේ නම මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත යෝජනා කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තීරණය කර ඇත.

කර්මාන්ත සහ වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්‌ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් නැඟෙනහිර පළාත් සභාවේ කටයුතු කරමින් සිට පසුගියදා එම සන්ධානයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් තිදෙනා අතර අමීර් අලි මහතා ද සිටී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අමීර් අලි මහතා ජාතික ලැයිස්‌තුවෙන් මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ නැඟෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ධුරයක්‌ ද පුරප්පාඩු වනු ඇත.

ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌ වූ අස්‌වර් මහතා ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තු රැස්‌වීම්වලදී නිතර නිතර විපක්‍ෂයට බාධා කරන මන්ත්‍රීවරයකු ලෙස ද ප්‍රසිද්ධය.

අස්‌වර් මහතා ඊයේ තමන්ට සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ද තහවුරු කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us