අම්පාරෙන් ශිලා ලේඛණ සහිත ස්ථාන 84 ක්

Published in පුවත්
Saturday, 29 November 2014 10:02

අම්පාර දිස්ත‍්‍රික්කයේ පසුගිය වසරේදී ආරම්භ කරන ලද ශිලා ලේඛණ පිටපත් කිරීමේ කාර්යය මේ දිනවල සිදු කෙරෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ පුරා විසිරී පවතින මෙම ශිලා ලේඛණ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමට විශාල දායකත්වයක් සපයන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදහසයි.

ශිලා ලේඛණ සහිත ස්ථාන 84 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ අතරින් ශිලා ලිපි 76 ක් පිටපත් කර අවසන් බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. පිටපත් කරන ලද නව ශිලා ලිපි අතර ලෙන් ලිපි 31 ක්, ගිරි ලිපි 43 ක් හා ටැම් ලිපි 2 ක් පවතී.

ඒ අතුරින් අම්පාර දිස්ත‍්‍රික්කය පුරා ව්‍යාප්තව ඇති මෙම ශිලා ලිපි තුළින් එම ප‍්‍රදේශයේ ඓතිහාසික, සමාජයීය, ආර්ථික හා ආගමික වටපිටාව අවබෝධ කර ගැනීමට මනා පිටුවහලක් ලැබේ. මෙම ගවේෂණයේදී අනාවරණය වන ශිලා ලිපිවල ඉදිරි පර්යේෂණ කටයුතු සිදු කිරීම සහ ඊට ආරක්ෂාව සැපයීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us