රංගන ශිල්පිනියගේ සැමියාට එරෙහි අගරු චෙක්පත් පැමිණිල්ල බොරුවක්!

Published in පුවත්
Friday, 28 November 2014 11:59

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා තොරණක් නිර්මාණය කළ තමන්ට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් මුදල ලැබිය යුතු බවටත්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ සැමියා තමන්ට මෙම මුදල ලබා නොදී අගරු චෙක් පතක් ලබාදුන් බවටත් පවසා අසත්‍ය පැමිණිල්ලක් දැමූ පුද්ගලයෙකු සොයා මිරිහාන මුලස්ථාන පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මොහු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය ප්‍රකාශ කලේය.

මේ තැනැත්තා දේශපානඥයන් කිහිම දෙනෙකුගේ හා උසස් පොලිස් නිලධාරීන්ගේ නම්ද පවසමින් පැමිණිල්ල කර ඇති බව පොලිසිය පවසයි.

පසුව ඔහු එම පැමිණිල්ල හරියාකාරව පොලිසිය විසින් නිසි පරිදි විමර්ශනය නොකළ බව පවසමින් නුගේගොඩ ගුවන් පාලමෙන් පැන සිය දිවි හානි කර ගැනීමට තැත්කළ බව පොලිසිය සඳහන් කරයි.

එහෙත් සිදුකළ පරීක්ෂණ වලිදී මෙම තැනැත්තා අසත්‍ය පැමිණිල්ලක් දමා ඇති බවට හෙළිවූ නිසා ඔහුට කිහිපවරක් පොලිස් ස්ථානයට එන ලෙස දන්වා ඇත.

කෙසේවෙතත් මේ සම්භන්ධයෙන් ප්‍රශ්න කිරීමට සහ සිද්ධිය විභාග කිරීම සඳහා එම පුද්ගලයා හට පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණද මෙම පුද්ගලයා දිගින් දිගටම පොලිසිය මඟහරිමින් සීටී.

එම නිසා ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

මිරිහාන මුලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us