පක්ෂය-අපේ ජාතික පෙරෙමුණ,ලකුණ-මේස දුරකතනය

Published in පුවත්
Monday, 24 November 2014 13:16

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත නියමිත මෛත්‍රීපාල සිරිසේන මහතා 'අපේ ජාතික පෙරමුණ' නමින් වූ පුළුල් පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව වාර්තාවේ. පොදු අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'දුරකථනය'යයි.

පක්ෂයේ නම වන 'අපේ ජාතික පෙරමුණ' නම යොදා ගනිමින් එය පුළුල් සන්ධානයක් ලෙස පොදු අපේක්ෂකයා කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් වී ඇත.

'අපේ ජාතික පෙරමුණ' (Our National Front) දේශපාලන පක්ෂයක් ලෙස 2009 වසරේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී පවතින පක්ෂයක් වන අතර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස මංගල සමරවීර මහතාත් පක්ෂයේ ලේකම්වරයා ලෙස රුවන් ෆර්ඩිනැන්ඩස් යන මහත්වරු කටයුතු කරමින් සිටියහ.

මේ අතර, 'අපේ ජාතික පෙරමුණ' පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා ඊයේ (23දා) වන විට එම තනතුරින්
ඉල්ලා අස් වී ඇති බවද ඉදිරි දින කීපය තුළ දී එම පක්ෂයේ සෙසු තනතුරු රැසක ද වෙනස් වීමක් සිදුවනු ඇති බව ද වාර්තාවේ.

මේ අතර, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති අවස්ථාවක යම් දේශපාලන පක්ෂයක සලකුණ හා පක්ෂයේ භාවිත නාමයේ යම් වෙනසක් සිදු කළ හැකිද යන්න පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව යම් පක්ෂයකින් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් නීති පොත් පෙරලා බලා ඊට අදාළ කටයුතු කරන බවයි.

පක්ෂයක නාමයක් හෝ සලකුණක් වෙනස් කිරීම අදාළ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කළ යුතු කාර්යයක් බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

Last modified on Monday, 24 November 2014 13:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us