ශ්‍රී ලංකා රජය ගත් මෙම පියවර දෙරට අතර සබඳතා වර්ධනය කිරීමට ඉවහල් වනු ඇති බව භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නර්සිම්හා රාවෝ පවසයි.
ලංකා රජය ගත් මෙම පියවර තුළින් දෙරට අතර පවතින යම් යම් ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගැනීම සඳහා වැදගත් වනු ඇති බව ද භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නර්සිම්හා රාවෝ ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ධීවරයින් පිරිස නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ද විශාල කාර්යභාරයක් සිදුකළ බවයි.