පාප්වහන්සේට නව ජනාධිපතිවරයෙක් හමුවෙන්න පුළුවන් Featured

Published in පුවත්
Thursday, 20 November 2014 11:55
ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට සැපත්වන විට රටේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක්‌ බව අගමැති දි.මු. ජයරත්න මහතා  පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේය.
පාප්වහන්සේ පැමිණීමට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් වන නිසා උන්වහන්සේට මෙරටට පැමිණීමට බාධාවක්‌ නැති බව අගමැතිවරයා පැවසුවේය. පාප්වහන්සේ සැපත් වන්නේ නව වාතාවරණයක්‌ යටතේ නව ජනාධිපතිවරයෙක්‌ ජනාධිපති ධූරයේ සිටියදී බවද ප්‍රකාශ කළේය.
 
නව ජනාධිපතිවරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පළමුව හමුවන්නේ ලෝකයම පිළිගත් විශිෂ්ට ආගමික නායකයකු වන පාප්වහන්සේ බවද අගමැතිවරයා කීවේය.
 
ශ්‍රී ලංකාවේදී අලුත් ජනාධිපතිවරයකු හමුවීම සඳහා පාප්වහන්සේට අවස්‌ථාව ලැබෙන බව කී අගමැතිවරයා ජාතික හෙළ උරුමය ආණ්‌ඩුවෙන් ඉවත් වීමෙන් තරගයක්‌ ඇති වුවද මහින්ද රාජපක්‌ෂ මහතා අතිවිශිෂ්ට ජයක්‌ ලබන බව පැවසුවේය.
 
විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පවසා සිටිය‍ේ ජනාධිපතිවරණය පාප් තුමාගේ පැමිණීමෙන් පසුව පවත්වන ලෙසය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us