පරිත්‍යාගශීලීම රාජ්‍යයන් අතර ශ‍්‍රී ලංකාව නව වන තැනට

Published in පුවත්
Wednesday, 19 November 2014 15:12

ලෝකයේ පරිත්‍යාගශීලීම රාජ්‍යයන් අතර ශ‍්‍රී ලංකාවට නව වන ස්ථානය හිමිවී අැත. ඒ ජාත්‍යන්තර ආධාර පදනම නිකුත් කළ නවතම වාර්තාවකට අනුවය. ආගන්තුක සත්කාරය, මුදල් පරිත්‍යාගය, ශ‍්‍රම පරිත්‍යාගය යන කරුණු මුල් කර ගනිමින් මෙම වාර්තාව නිකුත් කර ඇත. ඒ අනුව ලෝකයේ නව වන තැන හිමි කර ගෙන ඇති  ශ‍්‍රී ලංකාව ආගන්තුක සත්කාරය අතින් සියයට 56 ක ප‍්‍රතිශතයක් හිමිකර ගනී. 

වාර්තාවට අනුව මුදල් පරිත්‍යාගය අතින් ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ සියයට 56 ක ප‍්‍රතිශතයකුයි. ශ‍්‍රම පරිත්‍යාගය අතින් සියයට 50 ක් ද හිමි කර ගෙන ඇති මෙරටට ජාත්‍යන්තර පරිත්‍යාගශීලී දර්ශකයේ සියයට 54 ක ලකුණු ප‍්‍රමාණයක් හිමි කර ගෙන අැත. පසුගිය වසර පහක කාලය තුළ මෙම දර්ශකයට අනුව ශ‍්‍රී ලංකාවට අට වන ස්ථානය හිමිව ඇත.
 
මෙම වාර්තාවට අනුව ලෝකයේ පරිත්‍යාගශීලීම රාජ්‍ය ලෙස නම් කර ඇත්තේ මියන්මාරය සහ අමෙරිකාවයි. එහි තෙවන තැන කැනඩාවටත්, හතර වන ස්ථාන අයර්ලන්තයටත් හිමි වී අැත. නවසීලන්තය පස්වන ස්ථානයේ පසුවන අතර ඔස්ටේ‍්‍රලියාව හය වන ස්ථානයේ පසුවේ. මලයාසියාව සහ එංගලන්තය හත්වන ස්ථානයට පත්ව අැත. ජාත්‍යන්තර පරිත්‍යාගශීලී දර්ශකයට අනුව ලෝකයේ අවම තත්ත්වයක් පෙන්නුම් කර ඇත්තේ ක්‍රොඒෂියාවයි. බල්ගේරියාව,ග‍්‍රීසිය, තුර්කිය, ජෝර්දානය ආදී රාජ්‍යයන් ද එහි අවසන් ස්ථානවල පසුවේ. 

Last modified on Thursday, 20 November 2014 09:55

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us