අලියා ලකුණම ඉල්ලන අය අංගොඩ යැවීමටවත් සුදුසු නෑ

Published in පුවත්
Wednesday, 19 November 2014 14:17

මහින්ද රාජපක්ෂගේ එකාධිපති ආණ්ඩුව පලවා හැරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයක් අවශ්‍ය බවට විශාල ඉල්ලිමක් තිබියදී ඒබව නොතකා එජාපයේ අලියා ලකුණින් තරග කළ යුතු බව කියන අය අංගොඩටවත් සුදුසු නොවන බවත් අංගොඩ ඊට වැඩිය හොඳ සිහි බුද්ධිය ඇති පිරිසක් සිටින බවත් එක්සත් වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අද(19) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ බද්දේගම එජාප සංවිධායක එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධිකාරක ආනන්ද ලැනරෝල් මහතා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවැසූවේ විපක්ෂයේ පක්ෂ සන්ධාන පෙරමුණු මඟින් බලගතු ආණ්ඩු පෙරළීමේ ඉතිහාසගත අත්දැකීම් ඇති රටක රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමට දිනන්න බැරි අපේක්ෂකයන් දමා අලියගෙන් පමණක් තරග කිරීමට යෝජනා කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට බවය.

මේවන විට එජාපය අලියා ලකුණෙන් තරග කළ යුතු බව කියන්නේ සජිත් ප්‍රේමදස මහතාත් ඔහුගේ ගෝල බාලයන් දෙතුන් දෙනෙකු පමණය.

මෙම අවස්ථාවට ජාතික සේවක සංගමයේ ඛනිජතෙල් සංස්ථා ශාඛාවේ සභාපති, ජාතික සේවක සංගමයේ භාණ්ඩාගාරික හා මිනුවන්ගොඩ ප්‍රාදෙශීය සභා මන්ත්‍රී ඩබ්.එන්.පී. ආරියදාස,එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ජයන්ත පී ගුණතිලක, ජාතික සේවක සංගමයේ සාමාජික නියදගල ප්‍රදේශීය සභා මන්ත්‍රී පී ඒ සී වසන්ත මහත්වරුද සහභාගී විය.

ලැනරෝල් මහතාගේ අදහස් දැවීමේ හඬපටය පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/ananda-lanarol{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us