බෙලරුසියානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමඟ පැවති සාකච්ජාවකදී බෙලරුසියානු පාර්ලිමේන්තු සභාපති ව්ලැඩ්මියර් ඇන්ඩිරෙවැන්කෝ ප්‍රකාශ කර ඇත්තේ අන්තර්ජාතික සංවිධාන සමඟ පවතින අන්‍යනෝන්‍ය සබඳතාව ආරක්ෂා කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි.
පසුගිය වසරේ අගොස්තු මාසයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ බෙලරුසියානු ජනාධිපතිවරයා අතර ඇති කර ගත් සහයෝගිතාවන් සම්බන්ධයෙන් ද මෙම සාකච්ජාවේ දී අවධානය යොමුව ඇති බව සඳහන් ය.
සිව් දින සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින බෙලරුසියානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඊයේ(18) අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා මුණගැසී සාකච්ජා පවත්වන ලදී.