හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමග සිදු කල විශේෂ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර අැත. යුධ සමයේදී ශ‍්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ.ය අතර සාමයට මැදිහත් වීමක් පමණක් සිදු කල බවත්, කිසිඳු අහිතකර ක‍්‍රියාවක නිරත නොවූ බවත් එරික් සොල්හයිම් මහතා ප‍්‍රකාශ කර අැත.
මේ සම්බන්ධයෙන් ලබන වසරේදී විශේෂ ග‍්‍රන්ථයක් හරහා සියළුම සත්‍ය තොරතුරු හෙළි කරන බව ඔහු පවසයි. ඒ හරහා තමන්ට එල්ලවූ චෝදනාවන් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන බව එරික් සෝල්හයිම් මහතා අවධාරණය කර අැත.