කොස්ලන්ද නායයාමෙන් අවතැන්වූවන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රදේශයේ සංචාරයේ නිරත වීමෙන් පසුව අමෙරිකානු ආධාර වැඩසටහනේ දූත මණ්ඩල ප්‍රධානී ශෙරී කර්ලින් මහත්මිය මෙම අදහස් පළ කළාය.
නායයාම සිදුවූ අවස්ථාවේ සිට මේ දක්වා මෙරට හමුදා සිදු කරන සහන මෙහෙයුම් විශිෂ්ඨ මට්ටමක පවතින බව ඇය පෙන්වා දුන්නාය. තවදුරටත් අමෙරිකානු ආධාර ව්‍යාපෘතිය හරහා නායයාමෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරන බවටද ඇය සහතික වී අැත.