පදවි ප්‍රාප්තිය වැරදි පාරේ ගිහින්

Published in පුවත්
Wednesday, 19 November 2014 12:01

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහ‍තාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය සමරා වාර්ෂිකව සංවිධානය කරන පාපැදි සවාරියේ පළමු අදියරේ ඇතැම් තරගකරුවන් නිවැරදි ගමන් මාර්ගයෙන් පරිබාහිරව ගමන් කළ හෙයින් එම අදියර අවලංගු කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රථම අදියර (18) දිනයේ පැවැත්විණි.

තාක්‍ෂණික නිලධාරීන්ගේ දුර්වල මගපෙන්වීම හේතුවෙන් මෙහි ඉදිරියෙන් පැමිණි ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොල්ගහවෙලින් නොහරවා, අලව්ව නගරය පසුකරමින් අඹේපුස්සට පැමිණ, ගලිගමුව නගරය හරහා ගොස් තරගය අවසන් කර ඇත.

අදියර තුනක් යටතේ පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කි.මී. 465ක් වන අතර, කි.මී. 155.8 දුරකින් යුත් මෙහි පළමු අදියර ඊයේ (18දා) පුත්තලමෙන් ආරම්භ කර අවිස්සාවේල්ලන් අවසන් කළ යුතුව තිබිණි.

පුත්තලමේ සිට කුරුණෑගලට පැමිණ, පොල්ගහවෙල හරහා කෑගලු පාරේ රංවල හන්දියට ගොස්, ඒ හරහා ගලිගමුව නරගයෙන් හරවා අවිස්සාවේල්ලෙන් තරගය අවසන් කිරීම මෙහි නියමිත ගමන් මාර්ගය විය.

. ඒ හේතුවෙන් පළමු අදියර අවලංගු කිරීමට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කළේය.

නමුත් පාපැදි විචාරකයන් පෙන්වාදෙන්නේ ප්‍රධාන විනිසුරුවරයාගේ අත්දැකීම් නොමැතිකම මත මෙවැනි තීරණයක්ගෙන ඇති බවත්, මෙම අදියර අවලංගු කිරීම වෙනුවට වඩා ඵලදායී තීරණයක් ඔහුට ගතහැකිව තිබූ බවත්ය.

Last modified on Wednesday, 19 November 2014 13:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us