ජනපතිවරණ නිල ප්‍රකාශය අද

Published in පුවත්
Wednesday, 19 November 2014 09:44

මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

අදාළ ගැසට්‌ නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට මේවන විට කටයුතු සුදානම් කර ඇත.


ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු හෙට සිට මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් සිදු කිරීමට නියමිතය.


ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයට අදට වසර හතරක්‌ සම්පූර්ණවේ.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයට අනුමැතිය ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රි අරලියගහ මන්දිරයේදී රැස්වේ.

එසේම, එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනිද්දා රැස්වන බවත්, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයෙකුට සහය දීම සඳහා එහිදී අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us