යතුරුපැදි ලබා දෙන්නේ කුමන පාසල් වල සේවය කරන්නන්ටද

Published in පුවත්
Tuesday, 18 November 2014 15:00
2015 අයවැය යෝජනා තුළ අඩංගු දුෂ්කර හා අර්ධ නාගරික ප්‍රදේශවල සේවය කරන ගුරුවරුන්ට ලබාදීමට යෝජිත යතුරුපැදි ලබා දීම පිළිබදව ගැටළු ගනණාවක් පැන නැගී අැති බව ලංකා ගුරු සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යෝජනාවේ සදහන් පරිදි යතුරුපැදි ලබා දෙන්නේ කුමන පාසල් වල සේවය කරන්නන්ටද යන්න නිශ්චිත නැති බවත් එම ව්‍යාකූලත්වය නිරවුල් කිරීම අවශ්‍යය බව ඔවුහු පවසති.
 
 මේ වනවිට විශෙෂයෙන්ම බස්නාහිර පළාත තුළ ශී‍්‍රලංකා ගුරු සංගමය ප්‍රවර්ධනය කිරීම සදහා, මෙම යෝජනාව අයුතු ලෙස භාවිතා කරමින් සිටි. ඒ් අනුව විදුහල්පතිවරු මගින් ශී‍්‍රලංකා ගුරු සංගමයේ ඉල්ලුම්පත් බෙදා හරිමින් අයවැයෙන් යෝජිත මෙම යතුරු පැදි ලබා දීම සදහා එකී ඉල්ලුම්පත් පුරවාදෙන ලෙස ගුරුවරැන්ට පලපෑම් කිරීම නීති විරෝධී  බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.
 
මෙම කරුණු ඉදිරිපත් කරමින් ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ මෙවර අයවැයේදීම යෝජනා කළ නව ගුරු සේවා ව්‍යවස්ථාව මගින්ද සුදුසුකම් වලට සාපේක්ෂව ඉතා අඩු වැටුපක් ලබන ගුරුවරුන් සියලු දෙනාට මෙම යෝජනාව මගින් ලබා දීමට නියමිත යතුරු පැදි ලබා දීමට කටයුතු කරන ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us