පොදු අපේක්ෂක ගිවිසුම කල් දැමේ

Published in පුවත්
Monday, 17 November 2014 09:41

එළැඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ සම්මුතියට අත්සන් තැබීම කල් දමා ඇති බව වාර්තා වේ.

මෙම සම්මුතියට අත්සන් තැබීම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එම උත්සවය කල් තබා ඇතැයි දැනගන්නට ලැබුන බව ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පසුගිය බදාදා කොළඹ පැවැත්වුණු විපක්ෂයේ ඒකාබද්ධ රැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ බවට ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

එම මාධ්‍ය වාර්තා පිළිබඳව විමසීම පිණිස එහිමියන් ඇමතූ අවස්ථාවේ තමන් රෝහල්ගතව සිටින බැවින් පසුව අමතන මෙන් සෝභිත හිමියෝ ඉල්ලා සිටියහ.

පොදු අපේක්ෂකයාට සහාය දැක්වීම පිළිබඳව ජාතික හෙළ උරුමය තවමත් අවසාන තීරණයක් ගෙන නොතිබීම, සඳුදා පැවැත්වීමට නියමිතව තිබුණු සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාව කල් දැමීමට හේතුව දැයි විමසූ අවස්ථාවේ අතුරලියේ රතන හිමියන් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර තමන් වහන්සේ නොදන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙන් කරුණු විමසීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us