ජාතික හෙළ උරුමය රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධව ඊයේ (16 ) වනතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ ආණ්‌ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් පක්‍ෂය ගෙන තිබූ තීරණය මෙතෙක් වෙනසකට ලක්‌ව නැති බවයි.
කෙසේවෙතත් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට මධ්‍යම කාරක සභාව මෙසේ රැස්‌වී තීරණයක් ගන්නා බව ද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ සභාපති ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභාව රැස්‌වීමට නියමිතය.