ගම්පොළ නගරාධිපති සන්ධානයට එක්වෙයි

Published in පුවත්
Sunday, 16 November 2014 08:38

ගම්පොළ නගරාධිපති, එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ ප්‍රධාන සංවිධායක සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඊයේ (15) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ජනාධිපතිවරණයේදී එතුමාගේ විජයග්‍රහණය  තහවුරු කිරීමට කැප වී කටයුතු කරන බව පැවසීය.

වසර 25ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ හෙට්ටිආරච්චි මහතා වසර 12ක් ම ගම්පොළ නගරාධිපතිවරයා ලෙස කටයුතු ක‍ළේය.


ගම්පොළ ජනතාවගේ පොදු අපේක්ෂා ඉටුකර දීමට එක්සත් ජාතික පක්ෂය යටතේ තමන්ට කිසිදා අවස්ථාවක් නොලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා තමා ඒ ජනතාව වෙනුවෙන් කරන සේවය තවදුරටත් ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට නම් තමා කළ යුත්තේ අද මේ රටේ දීප්තිමත්ම සහ ශක්තිමත්ම නායකත්වය සමඟ එක්වීම බව ද පෙන්වා දුන්නේය.


අද අප රට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා, අද මුළු ලෝකයේ ම අවධානය අප රට දෙසට සහ අපගේ නිර්භීත නායකත්වය කෙරෙහි යොමු ව තිබෙන බවත් ජනතා ආශිර්වාදයෙන් තුන්වන වරටත් ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීම, රටට ආදරය කරන සියලු දෙනාගේ වගකීම බවත් පැවසීය.


අනතුරුව ජනාධිපතිවරයා සමඟ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට හා මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමට ද ගිය හෙට්ටිආරච්චි මහතා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීමට ජනාධිපතිතුමා සමඟ එක්විය.

ජායා -සුදත් සිල්වා 

02

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us